හිටපු කථානායක සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, මෝටර් රථයක ගැටී තුන්දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාලව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල පරීක්ෂණ වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර තිබෙනවා.
එම වාර්තාවට අනුව, අදාළ සාම්පල පරීක්ෂා කිරීමේදී ඒ තුළ මධ්‍යසාර අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (19) ප්‍රකාශ කළා.









