සහකාර පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් ඔක්තෝම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම උසස්වීම් ලබා දුන් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත ඩබ්ලිව්.එම්.පී.එම්.විජේසූරිය, වයි.ඩී.ඒ. කුමාර, ජේ.ආර්.ඒ.එස්. සෙනෙවිරත්න, කොළඹ මධ්‍යම කොට්ඨාශයට අනුයුක්ත මිනුර සෙනරත්, කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ එච්.එම්.අයි.එස්. නිශාන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සී.ඩ්බ්ලිව් .එම්.ටී.එස්. සේමසිංහ, කේ.ඩී.බී.පී. කුමාර, ඩ්බ්ලිව් .ටී. අනුරංග, එච්.ආර්. වෙදමුල්ල, මහනුවර කොට්ඨාශයට අනුයුක්ත ජේ.ඒ.ඕ. රන්දික සහ නුගේගොඩ කොට්ඨාශයට අනුයුක්ත ඒ.එල්.ඒ.එල්. රංග යන සහකාර පොලිස් අධිකාරීවරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.








