ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ඉන්දියාවේ සිදුකළ ප්‍රවර්ධන සංචාරය වෙනුවෙන් ඔහුට ගෙවන ලද මුදල පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම සංචාරය වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කර ඇති බවයි.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙසීගේ මෙම සංචාරය සඳහා ඔහුට පිරිනමන ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 100ත් 150ත් අතර (අමෙරිකානු ඩොලර් මිලියන 12 සිට 18 දක්වා) අගයක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙසීගේ පාර්ශවය හෝ මෙම සංචාරය සංවිධානය කළ ආයතනය මේ දක්වා නිශ්චිත සංඛ්‍යාලේඛන හෙළිදරව් කර නොමැත.
මෙම සංචාරය තුළ මෙසී සමග ඡායාරූපයක් ගැනීමට සහ ඔහු සමග කෙටි කතාබහක නිරත වීමට අවස්ථාව ලබාදෙන “Meet-and-greet” සැසි සඳහා ද අධික මුදලක් අය කර තිබෙනවා.
සාමාන්‍ය රසිකයෙකුට රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් (ඉන්දීය රුපියල් මිලියනයක්) වැය කිරීමට සිදුව ඇති බව සඳහන්.
ආයතනික සහ ප්‍රභූ අමුත්තන් සඳහා සංවිධානය කරන ලද සංවෘත සැසි සඳහා මීට වඩා බෙහෙවින් වැඩි මුදලක් අය කර ඇති බව වාර්තා වෙනවා.
මෙම සංචාරය තරගකාරී පාපන්දු තරගාවලියක් සඳහා නොව, ප්‍රධාන වශයෙන් ප්‍රවර්ධන කටයුතු (Promotional Tour) වෙනුවෙන් සංවිධානය කරන ලද්දක්.
වර්තමානයේ අමෙරිකාවේ ඉන්ටර් මියාමි (Inter Miami) කණ්ඩායම නියෝජනය කරන මෙසීගේ පැමිණීම, ඉන්දියාවේ පාපන්දු ක්‍රීඩාවට ඉහළ අවධානයක් දිනාදීමට සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත්, වාර්තා වන මුළු මුදලින් මෙසී වෙත සෘජුවම ගෙවන ලද මුදල සහ ආරක්ෂාව, නවාතැන් මෙන්ම ප්‍රවාහනය වැනි සැපයුම් පිරිවැය සඳහා වැය වූ මුදල පිළිබඳව සංවිධායකයින් නිල විස්තරයක් ප්‍රකාශයට පත් කර නොමැත.








