මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් මෙසේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් කින්නියා, මූතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශවල සිටින පිරිසට අවධානයෙන් සිටින ලෙසත්, මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරින් යටවීමේ අවදානමක් ද පවතින බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images news images