දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට ස්වීඩන් ජාතිකයෙකු වන V.P. Nackholm විසින් ඩොලර් 33,000 ක මූල්‍ය ආධාරයක් පිරිනමා තිබෙනවා.
ඇය විසින් අදාළ මුදල එම අරමුදලට බැරවන ලෙස බැංකුගත කර තිබුණු අතර, එහි ලදුපත ජනාධිපති ලේකම් කාර්යාලයේදි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිළිගන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.








