දිට්වා සුළි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු හුවමාරු වූයේ කෙසේදැයි විමසීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද එම දෙපාර්තමේන්තුවට ගොස් තිබුණා.
මේ අතර, හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 2026 වර්ෂයට අදාළව රුපියල් බිලියන 500ක් සඳහා වන පරිපූරක ඇස්තමේන්තුවක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.
අනතුරුව අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
එසේම අනිද්දා දිනයේ ද පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එදින අදාළ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ විවාද කර අනුමත කරගැනීමට නියමිතව ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.








