සීප්පුකුලම ප්‍රදේශයේදී පිලිස්සීමෙන් මියගිය වන අලියා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අනුව, සැකකරුවන් තිදෙනෙක් මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම හිංසාවට ලක්වූ වන අලියා මිහින්තලය පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේදී මියගොස් සිටි අතර, අලියා මියයෑම සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය හා පිලිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මරණයට පත්ව ඇති බවට නිගමනය කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
වන අලියාට ගිනි තබා, සත්ත්ව හිංසාව සිදුකිරීමේ වරදට මිහින්තලය පොලිසියේ නිලධාරීන් විසින් අවුරුදු 42, 48 සහ 50 යන වයස්වල පසුවන සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (18) දිනයේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්.









