පවතින වර්ෂාපතනයක් සමඟ මහවැලි අධිකාරියට අයත් ජලාශ කිහිපයක් වාන් දැමීම ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය සදහන් කරයි.
දැනට පවතින වර්ෂාපතනය අනුව, මහවැලි ද්‍රෝණියට අයත් ප්‍රධාන ජලාශ අතුරින් වික්ටෝරියා ,රංදෙණිගල, රංටැඹේ යන ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇත. ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයෙන් මිණිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව වැඩි විය හැකි බවත්, ලොග්ගල්ඔය, දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශ වල වාන් මඟින් පිටවන ජලධාරිතාව හා බදුළුඔයේ ජල ධාරිතාවද ඍජුවම මහවැලි ගඟට එකතු වන බැවින්, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සහ විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දීමක් කරනු ලැබේ.
එමෙන්ම කලාවැව ද්‍රෝණියට අයත්, කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර, බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශ වලද ජල මට්ටම උපරිම මට්ටමේ පවති.
ඒ අනුව පෝෂිත ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනයේ ප්‍රමාණය අනුව ඉදිරියේදී එම ජලාශද වාන් දැමිය හැකි බවත්, මාදුරුඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින්, එම ජලාශද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බවත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කළ නිවේනයේ දැක්වේ.
එසේම කාලගුණය පිළිබඳ ඉදිරි පුරෝකථනයක්ට අනුව, වාන් ජල ප්‍රවාහය වැඩි විය හැකි බැවින්, ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවිධ කටයුතු සඳහා ජලාශ පෙදෙස් වලට ලඟාවීමෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දෙයි.








