පක්ෂ මූල­ස්ථා­නයේ අයි­තිය තිබු­ණට ඒ අයට ශ්‍රීල­නි­පය අයිති නෑ

ඔබ සජබ සහ නිද­හස් පක්ෂය අතර දෝල­නය වෙනවා වගේ පෙනෙන්නේ?

අපි සමගි ජන බල­වේ­ග­යට අයිති සන්ධා­න­යයි නියෝ­ජ­නය කරන්නේ. ඒ තුළ පක්ෂ ගණ­නා­වක් වෙනවා. නිද­සුන් විදි­හට රාවුෆ් හකීම් මැති­තු­මාගේ පක්ෂය, රිෂාඩ් බදු­ර්දීන්, සුම­න්දි­රන් මැති­තු­ම­න්ලාගේ පක්ෂ ආදිය පෙන්වා දෙන්න පුළු­වන්. ඒත් මං තව­මත් නිද­හස් පක්ෂයේ සාමා­ජි­ක­යෙක්. ඒ අන­න්‍ය­තාව නැති කර­ගෙන නැහැ. අනෙක, මෙතැ­නදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය විදි­හට අපි කණ්ඩා­ය­මක් විත­රයි සමගි ජන සන්ධා­නය සමඟ එකතු වී ඉන්නේ.

ඒ අත­ර­තුර ඔබ­ලාගේ පක්ෂය බෙදී වෙන්වෙලා නේද?

ඔව්. කොටස් තුන­කට බෙදී තියෙ­නවා. පිරි­සක් නිමල් සිරි­පාල ද සිල්වා මැති­තුමා එක්ක ඉන්නේ. තවත් කණ්ඩා­ය­මක් සජිත් ප්‍රේම­දාස මහ­තාට එකතු වුණා. ඒ හැර මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඇතුළු පිරි­සක් විජ­ය­දාස රාජ­පක්ෂ මහතා එක්ක ඉන්නේ. කෙටි කාල­ය­කදී මේ පක්ෂය මෙත­රම් විනාශ කළේ පක්ෂ­යට උඩින් ගිහින් ඇමැ­ති­කම් භාර ගත් නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩා­ය­මයි. ඒ අයට දැන් පක්ෂය ගැන කතා කර­න්න­ට­වත් අයි­ති­යක් නැහැ. ඒත් මං පක්ෂය රැක­ගෙන හිටියා.

අනෙක මේ වන­විට පක්ෂ­යට අදාළ නඩු ගණ­නා­ව­කුත් විභාග වෙන­වානේ. ඒ හැර පෙරත් අධි­ක­ර­ණය මඟින් මා පක්ෂ­යෙන් ඉවත් කිරීම වැරදි බවට නඩු තීන්දු දෙකක් දී තිබෙ­නවා. ඒ සෑම වතා­ව­ක­දීම රනිල් වික්‍ර­ම­සිංහ ආණ්ඩු­වෙන් ලැබුණු ඇමැති බල­තල පාවිච්චි කර­මින් පෙර කී අය මට පක්ෂ කාර්යා­ල­යට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. ඒත් මං අත්­හ­රින්නේ නැහැ.

ඇත්තෙන්ම, අපේ පක්ෂ ව්‍යව­ස්ථා­වට අනුව දේශ­පා­ලන මණ්ඩ­ලය කැඳ­විය හැක්කේත් සභා­ප­ති­ව­ර­යා­ටම පම­ණයි. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ සභා­පති ධුරය තාව­කා­ලි­කව අධි­ක­ර­ණ­යෙන් අත්හි­ටු­වනු ලැබුවා. ඒ අනුව පක්ෂ­යට සභා­ප­ති­ව­ර­යකු අහිමි වුණා. ඒ අනුව නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඇතුළු පිරි­සගේ පත්වීම් නීතිවිරෝ­ධියි. ඒත් ඒ මහතා ඇතුළු පිරි­සක් අනී­ති­කව දේශ­පා­ලන මණ්ඩ­ලය කැඳ­වනු ලැබුවා. ඒත් ඊට නිල වශ­යෙන් සම්බන්ධ වුණේ පක්ෂ සාමා­ජි­ක­යන් තිදෙ­නකු විත­රයි. ඇත්තෙන්ම එහි පහ­ළොස් දෙනකු සිටිය යුතුයි.

හැබැයි, දැන් කලින් කියූ තුන් දෙනා­ගෙන් දෙදෙ­න­කුව වැඩ­බ­ලන සභා­පති සහ වැඩ­බ­ලන ලේකම් විදි­හටත් පත් කර­ගෙන තිබෙ­නවා. ඒකත් වැර­දියි.

අනෙක, අපේ පක්ෂ ව්‍යව­ස්ථා­වට අනුව වැඩ­බ­ලන සභා­ප­ති­ව­ර­යකු සිටිය නොහැ­කියි. මෑත­කදී ඒ අයම නැවත රැස්වී සභා­ප­ති­ව­ර­යකු, ලේක­ම්ව­ර­යකු පත් කර­ගෙන තිබු­ණත් ඔවුන්ට ඊට බල­යක් නැහැ. එහෙව් ඒ අය නිද­හස් පක්ෂයේ ගොඩ­නැ­ඟි­ල්ලත් බලෙන් අල්ලා­ගෙන ඉන්නවා. ඒ අයට ඕනෑ අය පත් කර­නවා. මං ඒ පත්වී­ම්ව­ලට විරු­ද්ධව නඩු පවරා තිබෙ­නවා. ජන­වාරි 10දා එහි නඩු තීන්දුව ප්‍රකාශ කිරී­මට නිය­මි­තයි. නැවත ලේක­ම්ව­රයා විදි­හට පක්ෂය ඇතු­ළට යෑමෙන් පසුව භේද­යක් නැතිව පක්ෂයේ සිය­ල්ලන් සමඟ සාකච්ඡා කර­මින් නැවත එය ගොඩ­නැ­ඟීම මගේ බලා­පො­රො­ත්තු­වයි.

ආණ්ඩුවේ ආපදා සහන සැල­සීම් හා වන්දි ගෙවීමේ කට­යුතු පිළි­බඳ සමා­ජයේ වැඩි කතා­බ­හක් පව­ති­නවා. ඔබ එය දකින්නේ කොහො­මද?

අපේ ගම්වල සම­හර සල්ලි­කා­රයෝ මාර්ග අන­තු­රක් කළ පසු­වත් ඔහොම තමයි. ඊට අදා­ළව ඇසින් දුටු අයට පවා මුදල් ගෙවා නීති­යෙන් බේරෙන්න බල­නවා. ඒත් එප­ම­ණින් ඉකුත් නොසැ­ල­කි­ල්ලෙන් ආණ්ඩු­වට ගැල­වෙන්න බැහැ. ආපදා කළ­ම­නා­ක­රණ අමා­ත්‍යාං­ශය, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව ජන­ප­ති­ව­රයා යටතේ තියෙන්නේ.

අනෙක, ඉකුත් ආප­දා­වේදී අදාළ ආය­තන කට­යුතු කළ විදි­හත් වැර­දියි. හැබැයි, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යට අදාළ පන­තට අනුව 2005 වර්ෂයේ සිටම ඊට අදාළ බල­තල බෙදා දී තිබෙ­නවා. ඉතින්, කාට­වත් අදාළ බල­තල නොති­බු­ණැයි කිය­න්නත් බැහැ. ජන­ප­ති­ව­රයා මේ ගැන පාර්ලි­මේ­න්තු­වේදී කියූ දේවල් බිම් මට්ට­මේදී වෙනස් වෙලා තියෙන්නේ. දැන් කියන්නේ බඩු මුට්ටු ඇතුළු මුළු ගෙයම විනාශ වුණාම විත­රක් ලක්ෂ 50ක් දෙනවා කිය­ලානේ. ඒත් පව­තින චක්‍ර­ලේඛ අනුව රජයේ නිල­ධා­රින්ට රුපි­යල් ලක්ෂ ගණ­නින් එහෙම සල්ලි වීසි කර­න්නත් බැහැ. ඒ විත­රක් නෙවෙයි, අන­තු­රට පත්වූ තැනැ­ත්තන් ගණන, දේපළ හානි, මුළු අලා­භය ආදිය පිළි­බ­ඳත් තවම හරි දත්ත පවා ආණ්ඩු­වට නැහැනේ.

මෙරට ව්‍යසන කළ­ම­නා­ක­රණ නීති යාව­ත්කා­ලීන විය යුතුද?

දැනට පව­තින නීති හොඳ­ටම ප්‍රමා­ණ­වත්. ආපදා කළ­ම­නා­ක­රණ පනත ඉතා ශක්ති­මත්. ඒ යටතේ බොහෝ දේ කළ හැකියි. ඒත් ඒ යට­තට ගැනෙන දැන් ගැසට් කර ඇති හදිසි නීතිය නම් වැර­දියි. ඒ අනුව එය අත්‍ය­වශ්‍ය සේවා සඳහා භාවිත කළ හැකියි. හැබැයි දැන් එය මර්ද­නය සඳහා යොදා­ගත හැකි තැන­කට ගෙනැත්. හරි නීතිය නියම වේලාවේ ක්‍රියා­ත්මක නොකි­රී­මත් මෙත­නදී වර­දක්. කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව කල්තබා අධික වැස්සක් පිළි­බඳ කියා සිටියා. ඉන්දි­යාව සහ ජාත්‍ය­න්තර මාධ්‍යත් විශාල සුළි කුණා­ටු­වක් ගැන කිවුවා. ඒවාට ක්‍රියා­ත්මක නොවුණේ නීති ප්‍රමා­ණ­වත් නොවූ නිසා නෙවෙ­යිනේ.

වයඹ පළාතේ සහන කට­යුතු කෙරෙන්නේ කොහො­මද?

මේ විපත වළක්වා ගත හැකිව තිබූ දෙයක්. ඉකුත් මස 27දා පෙර­ව­රු­වේත් මම ජන­ප­ති­ව­ර­යාත් සිටි රැස්වී­ම­ක­දීත් පව­තින ජල මට්ට­ම්ව­ලට ගංව­තු­රත් එකතු වුණොත්, වාරි­ය­පොළ, නික­වැ­ර­ටිය, පඬු­ව­ස්නු­වර, බිංගි­රිය, හිරි­යාල ආදී ආසනවලට වන විනා­ශය පිළි­බඳ අත්දැ­කීම් අනුව අව­ධා­ර­ණය කළා. ඒත් එදා සවස් වන තුරුත් මුකුත්ම කෙරුණේ නෑ. අර්බු­දය තවත් උග්‍ර වුණේ එහෙ­මයි. දැන් විප­ක්ෂය විදි­හට අපිත් සහන වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කර­නවා. ඒ මිසෙක අපි ආණ්ඩුව විවේ­ච­නය කර­මින් කල් ගෙවන්නේ නැහැ. හැබැයි, ආණ්ඩු පක්ෂය විප­ක්ෂයේ හිටියා නම් මෙහෙම වෙලා­ව­කදී ආප­දාව දේශ­පා­ල­නී­ක­ර­ණය කරන්නේ කොහො­මද කියලා බලා ගන්න තිබුණා. හැබැයි, අපි එහෙම කරන්නේ නැහැ.

විප­ක්ෂය පුළුල් සන්ධා­න­යක් ගැන කතා කළත් තවම එහෙම දෙයක් නැහැ නේද?

අපේ පළමු කාර්යය විය යුත්තේ එක එක සන්ධාන සමඟ එක් වීම නෙවෙයි, මුලින් අපි අපේ පක්ෂය හදා­ගෙන ඉන්න ඕනෑ. මේ වන විට බිම් මට්ට­මෙන් නිද­හස් පක්ෂ­යක් නැති තත්ත්ව­යක් ඇති වෙලා තියෙ­නවා. හැබැයි, මම හිටියා නම් පක්ෂය වැටෙන්න දෙන්නේ නැහැ. ගමින් ගමට ගිහින් ජන­තාව එක්රැස් කර­ගෙන නිද­හස් පක්ෂය යළි ගොඩ­නං­ව­නවා. ජන­තාව කර­බා­ගෙන ඉන්නේ පක්ෂය ගැන විශ්වා­ස­යක් නැති නිසයි, අද ජවි­පෙට, පොදු­ජන පෙර­මු­ණට ගිහින් තියෙ­න්නේත් අපේ පක්ෂයේ අය. වැරදි, අඩු­පා­ඩු­කම් හදා­ගෙන, පැරණි දේශ­පා­ල­නය වෙනු­වට අලුත් දේශ­පා­ල­න­යක් ගැන කතා කර­නවා නම් අපිට මේ පක්ෂය නඟා සිටු­වන්න පුළු­වන්.

ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා, ඩිජි­ට­ල්ක­රණ වැඩ­පි­ළි­වෙළ වැද­ගත් නේද?

හැබැයි, ගැට­ලුව වෙලා තියෙන්නේ අද රටේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා දෙයක් නැති එකයි. එයින් කළ වැඩ­කුත් නැහැ. කරන්නේ මොන­වාද නොදන්නා, වැඩ­පි­ළි­වෙ­ළක් නැති ඒ වැඩ­ස­ට­හනේ එකක් නම් තියෙ­නවා. ක්ලීන් ශ්‍රී ලංකා එකේ හිටිය අය නම් ක්ලීන් වෙලා තියෙ­නවා. ඒ එය දේශ­පා­ල­නී­ක­ර­ණය කර­න්නට ඕනෑ කරන කට­යුතු ටික නොඅ­ඩුව වූ නිසයි. හැම ගම­කම ජවිපෙ සාමා­ජි­ක­යෙක් අරන් එයාව ක්ලීන් ශ්‍රී ලංකා සාමා­ජි­කයා කෙරුණා. ප්‍රාදේ­ශීය සම්බ­න්ධී­ක­රණ කමි­ටු­වෙන් තවත් නාය­ක­යන් පත් කෙරුණා. ජවිපෙ දේශ­පා­ල­නය කළ අයට නම් තන­තුරු දුන්නා. අද වන විට ඒ මණ්ඩ­ල­වල හිටි සම­හරු අස්වෙලා.

මේ ඩිජි­ට­ල්ක­රණ ක්‍රියා­ව­ලිය වුණත් ජන­පති සහ ඔහුගේ අදාළ උප­දේ­ශ­ක­ව­රයා පම­ණක් දන්නා දෙයක් වෙලා. ඒ මිසෙක සාමාන්‍ය ජන­තාව ඒ ගැන දැනු­වත් නැහැ. ඩිජි­ටල් නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යාගේ කම්පැ­නිය ඊට ඇති සම්බ­න්ධ­තාව විමසූ විටදී දැන් ඔහු ඒ ආය­ත­නයේ නැති බවයි පාර්ලි­මේ­න්තු­වේදී කියැ­වුණේ. ඒත් කොම්පැ­නියේ බහු­තර අයි­තිය ඇත්තේ ඔහු­ටයි. ඒක මේ ආණ්ඩුව එක්ක බිස්නස් කරන ක්‍රියා­ව­ලි­යක්. ගවුපේ, යෙද­වුම එන්නේ හෙළපේ එකෙන්. ඉතින්, අපි කරන සෑම ගෙවී­ම­කින්ම හෙළපේ එකට ගාණක් යනවා. එහි විනි­වි­ද­භා­වය, ටෙන්ඩර් පටි­පා­ටිය ගැනත් සැක සහි­තයි. කලින් ආණ්ඩු කළා වගේම ගජ­මි­තුරු සමා­ග­මක් එතැන තියෙන්නේ. අනෙක, ඒක ඉංග්‍රී­සි­යෙන් විත­රයි තියෙන්නේ. දෙමළ, සිංහල භාෂා­ව­ලින් ඇත්තේත් නෑ.

රාජ්‍ය භාණ්ඩා­ගා­රය හොඳ මට්ට­ම­කට ඇවිත් කියලා පිළි­ගන්නේ නැතිද?

ආණ්ඩුවේ විය­දම් කළ­ම­නා­ක­ර­ණය නෙවෙයි, ආණ්ඩු­වට මුදල් විය­දම් කර­ගන්න බැරි වීමයි මෙතැන ගැට­ලුව. එහෙ­මයි භාණ්ඩා­ගා­රය පිරීඉ­තිරී ගිහින් තියෙන්නේ, ප්‍රාග්ධන විය­දම් විදි­හට වෙන් කෙරුණු රුපි­යල් බිලි­යන 1315ක් පමණ පැව­තු­ණත් දැන් පෙනෙන විදි­හට ආණ්ඩුව එයින් රුපි­යල් බිලි­යන පන්සිය ගණ­නක් පම­ණයි විය­දම් කර තිබෙන්නේ. තවත් බිලි­යන හත්සිය ගණ­නක් විය­දම් කර නැහැ. ඒවා­යින් භාණ්ඩා­ගා­රය පිරුණා කියලා වැඩක් නැහැනේ. එයින්ම පෙනෙ­නවා. මෙතැන වැඩ කරන්න බැරි ප්‍රශ්න­යක් තියෙන්නේ කියලා. වෙනදා අපි එහෙම වස­ර­කට වෙන්කළ මුද­ලින් 85% – 90%ක් විය­දම් කර­නවා. එවිට ගම්වල යටි­තල පහ­සු­කම් හැදෙ­නවා. ගමට මුදල් යනවා. හැබැයි, ඉකුත් කාල­යේදී ඒක එහෙම වුණේ නැහැ. ජාතික තරුණ සේවා සභාව එක තරුණ රැලි­ය­කට නික­රුණේ රුපි­යල් කෝටි එක­හ­මා­ර­කට වඩා වැය කළා. මේ අනුව පෙනෙන්නේ කලින් ආණ්ඩු­ව­ලට තිබූ රෝග මේ ආණ්ඩු­ව­ටත් බෝ වෙමින් ඇති බවයි.

නීතියේ ආධි­ප­ත්‍යය ස්ථාපිත වී ඇතැයි ජන­තා­ව­ගෙන් අස­න්නට තිබෙ­නවා නේද?

කොහෙද එහෙම වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ මන්ත්‍රී­ව­රුන්ට සහ සාමාන්‍ය ජන­යාට නීතිය ක්‍රියා­ත්මක කිරීම මොන වගේද කියලා ඉකුත්දා හොඳින් ජන­තා­වට දක්නට ලැබු­ණානේ. නීතියේ ආධි­පත්‍ය ආණ්ඩු­වට අදාළ නැහැ. අනෙක් අයට නම් අදා­ළයි. මෙරට නීතියේ ආධි­පත්‍ය ක්‍රියා­ත්මක කර­න්නට නම් ඊට පත් කරන අය ස්වාධී­නව කට­යුතු කරන අය වෙන්න ඕනෑ. එත් ඉති­හා­සයේ පළමු වතා­වට කැම්පේන් එකේ හිටි අය­ටයි ඒ ඒ තැන්වල මුල් පුටු දී තිබෙන්නේ. මේ අය දින­පතා නඩු මව­මින් විපක්ෂ දේශ­පා­ල­න­ඥ­යන් දඩ­යම් කර­මින් ඉන්නවා. එහෙම තත්ත්ව­ය­කදී කොහො­මද, නීතියේ ආධි­ප­ත්‍ය­යක් ගැන කතා කරන්නේ. අද වන විට පොලී­සියේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රින් බොහෝ සෙයින් ස්ථාන මාරු කර යවා තිබෙ­නවා. වෙනදා මූල­ස්ථාන පොලිස් තන­තුරු සම්මුඛ සාක­ච්ඡා­ව­කින් පසුව තෝරා ගැනු­ණත් අද එහෙම නැහැ.

එහෙ­ම­නම් ඔබලාට බල­යට ඇවිත් හරි­යට කරන්න පුළු­වන් නේද?

ඒත්, ආණ්ඩුව කළා වගේ අර­ග­ල­ය­කින් බලය අරන් නෙවෙයි, ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව ඡන්ද­යෙන් බල­යට ඒමයි අපේ අර­මුණ. මොන කතා කිවු­වත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා මෙරට අර්බුද යම් කැප කිරී­ම­කින් පසුව යථා තත්ත්ව­යට ගෙනාවා. ඒ වැඩ­පි­ළි­වෙ­ළට ජවිපෙ ඇතුළු කණ්ඩා­යම් බාධා කළා. එව­කට උද්ඝෝ­ෂණ දින­පතා පැවැ­ත්වුණා. හැබැයි, දැන් මේ ආණ්ඩු­වට එරෙ­හිව උද්ඝෝ­ෂණ කරන්න කවු­රුත් නෑ. එදා උද්ඝෝ­ෂ­ණය කළ අයනේ අද රට පාල­නය කරන්නේ. ඒත් අපි උද්ඝෝ­ෂණ කළ අය නෙවෙයි, කරුණු පැහැ­දිලි කර දුන් අයයි. ආණ්ඩු­වට දේශ­පා­ලන ස්ථාව­ර­භා­වය හදා ගන්නට අපි හැමදේටම පාරට බැහැලා උද්ඝෝ­ෂණ නොකි­රීම තුළ ඉඩ ලැබී තිබෙ­නවා. හැබැයි, ආණ්ඩුවේ ක්‍රියා­කා­ර­කම් ගැන අපි බලන් ඉන්නවා. රටේ ජන­තා­වට අවශ්‍ය නම් තමයි ආණ්ඩු පෙර­ළන්න ඕනෑ වෙන්නේ. එතෙක් විපක්ෂ දේශ­පා­ලන බල­වේග විදි­හට අපි එකට එකතු වෙලා වැඩ කරන්නයි බලා­පො­රොත්තු වෙන්නේ.

නුවන් මහේෂ් ජය­වි­ක්‍රම