දේශබන්දුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවට කොළඹ මහාධිකරණය තීන්දු කරයි

2022 මැයි 09 වැනිදා ගාලු මුවදොර “ගෝඨාගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, අරගලකරුවෙකු විසින් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

අදාළ තීන්දුවට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.