ආප­දා­වන්ට ලක්වූ ගොවීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම 31දා දක්වා

‘දිට්වා‘ සුළි කුණාටු තත්ත්වය හේතු­වෙන් ආප­දා­වන්ට ලක්වූ ගොවීන්ට ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාල සීමාව මෙම මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරී­මට කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලය විසින් පිය­වර ගෙන තිබේ. ගොවි විශ්‍රාම වැටු­ප්ලා­භීන්ට උප තැපැල් / තැපැල් කාර්යාල මඟින් සාමාන්‍ය ලෙස විශ්‍රාම වැටුප සෑම මස­කම 9 සිට 15 දක්වා ලබා­දීම සිදු කරයි.

එහෙත් දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතු­වෙන් ගොවි විශ්‍රාම වැටු­ප්ලා­භීන්ට සිදුවූ ආපදා තත්ත්ව­යන් හා තැපැල් කාර්යාල වෙත ළඟා වීමේ ගමන් මාර්ග විනාශ වීම හේතු­වෙන් මුහු­ණදී ඇති ගම­නා­ග­මන අප­හ­සුතා සැල­කි­ල්ලට ගනි­මින් දෙසැ­ම්බර් මාස­යට අදාළ විශ්‍රාම වැටුප ලබා­ගැ­නීමේ කාල­සී­මාව දීර්ඝ කළ බව කෘෂි­කා­ර්මික හා ගොවි­ජන රක්ෂණ මණ්ඩ­ලයේ සභා­පති පේම­සිරි ජාසිං­ආ­රච්චි මහතා සඳ­හන් කරයි.

ඒ අනුව දෙසැ­ම්බර් මස විශ්‍රාම වැටුප, දෙසැ­ම්බර් මාසය පුරාම වැඩ කරන දින­යන්හි අදාළ තැපැල් කාර්යා­ලය හෝ උප තැපැල් කාර්යාල මඟින් ගොවීන්ට ලබා­ගත හැකි වේ.

දැනට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රති­ලාභ ලබන ගොවීන් සංඛ්‍යාව 178,753 වන අතර ධීවර විශ්‍රාම වැටු­ප්ලා­භීන් ප්‍රමා­ණය 6,312 වේ. දෙසැ­ම්බර් මාසයේ විශ්‍රාම වැටුප් සඳහා රුපි­යල් මිලි­යන 413ක් වැය කරයි.

බුද්ධිකා ඉඹු­ලාන