තෙවැනි පාසල් වාරයේ 6-10 ශ්‍රේණි­ව­ලට වාර පරී­ක්ෂණ එපා

මෙවර තෙවැනි පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරී­ක්ෂණ නොප­ව­ත්වන ලෙසට නිකුත් කළ උප­දෙස් අනි­වා­ර්ය­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මඟින් විදු­හ­ල්ප­ති­ව­රුන්ට අව­ධා­ර­ණය කර තිබේ. එම උප­දෙස් විදු­හ­ල්ප­ති­ව­රුන් මෙන්ම වෙනත් අදාළ නිල­ධා­රීන් අනි­වා­ර්ය­යෙන්ම ක්‍රියා­වට නැංවිය යුතු යැයිද අමා­ත්‍යාං­ශය සඳ­හන් කර ඇත.

රජයේ හා රජයේ අනු­මත පෞද්ග­ලික පාසල් හා පිරි­වෙන් නැවත ආරම්භ කිරීම සම්බ­න්ධ­යෙන් උප­දෙස් ඇතු­ළත් දෙසැ­ම්බර් 09 වැනිදා අංක ED/09/12/06/05/01-2025 දරන ලිපි­යේද මේ බව සඳ­හන් බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

සන්ධ්‍යා කරු­ණා­රත්න