පැවති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන්නේ අනාවැකි මිස බුද්ධි තොරතුරු නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
අයහපත් කාලගුණ තත්ත්වයට අදාළ රතු නිවේදන 19ක්ම නිකුත් කර ඇත්තේ නොවැම්බර් මස 27 වැනිදාට පසුව බවයි ඔහු එහිදී පැවසුවේ.








