ශ්‍රී ලංකා රේගුව ඉති­හා­සයේ වැඩිම ආදා­යම උප­යයි

ශ්‍රී ලංකා රේගු ඉති­හා­සයේ වස­රක් තුළ ඉපැයූ වැඩිම ආදා­යම මේ වසරේ උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකා­ශ­යක චන්දන පුංචි­හේවා මහතා පව­සයි.

මෙම වසරේ රේගු ආදා­යම් ඉල­ක්කය වන රුපි­යල් බිලි­යන 2115ක ආදා­යම් ඉල­ක්කය ඉක්මවා රුපි­යල් 2371.2ක වාර්තා­ගත ආදා­ය­මක් මේ වසරේ උපයා ඇතැයි හෙතෙම කියා සිටි­යේය.

පසු­ගිය 12 වැනිදා වන­විට ආදා­යම් ඉල­ක්කය සපු­රනු ලැබූ බව කී ඒ මහතා එම ඉල­ක්ක­යට වඩා රුපි­යල් බිල­යන 255.3ක් මේ වන­විට උපයා ඇතැ­යිද ඔහු කීවේය. මේ වසර අව­සා­නය වන­විට රුපි­යල් බිලි­යන 300ක ආදා­ය­මක් එකතු වනු අතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක