මෙවර තෙවැනි පාසල් වාරය සඳහා 6 සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ නොපවත්වන ලෙසට නිකුත් කළ උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් විදුහල්පතිවරුන්ට අවධාරණය කර තිබේ. එම උපදෙස් විදුහල්පතිවරුන් මෙන්ම වෙනත් අදාළ නිලධාරීන් අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු යැයිද අමාත්‍යාංශය සඳහන් කර ඇත.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් දෙසැම්බර් 09 වැනිදා අංක ED/09/12/06/05/01-2025 දරන ලිපියේද මේ බව සඳහන් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.
සන්ධ්‍යා කරුණාරත්න








