දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදාවලින් විනාශ වූ දුම්රිය මාර්ග පද්ධතිය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (16) සිට ත්රිකුණාමලය – කොළඹ භාණ්ඩ ප්රවාහන දුම්රිය ධාවනය කිරීම ආරම්භ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මහව සිට පොලොන්නරුව දක්වා දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කර ඇතත්, මෙතෙක් දුම්රිය ධාවනය සඳහා විවෘත කර නොමැති අතර, කලා ඔය පාලම ප්රතිසංස්කරණය කළ පසු, කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනයට හැකියාව ලැබෙන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්රකාශ කර සිටියා.








