සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක්

සමාජ මාධ්‍යවල ප්‍රචාරයවන සාවද්‍ය පුවතක් පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ ‘ග්‍රාම නිලධාරී සම්බන්ධ අක්‍රමිකතා කඩිනම් පැමිණිලි ක්‍රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්‍යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්‍යවල සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බවය.