වගා හානි වන්දි රු. කෝටි 60ක් ගොවි ගිණු­ම්ව­ලට

පැවති ආපදා තත්ත්ව­යෙන් වූ වගා හානි වෙනු­වෙන් වන්දි ලබා­දීම අර­ඹ­මින් රුපි­යල් කෝටි 60ක මුද­ලක්, වගා හානි සිදුවූ වී ගොවීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර­ කි­රී­මට ඊයේ (16) දින­යේදී කට­යුතු යෙදූ බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග මහතා ‘දින­මිණ’ට පැව­සීය.

ගොවීන්ගේ වගා හානි සඳහා වූ වන්දි මුදල් ගෙවී­ම්ව­ලින් 80%ක පමණ ප්‍රමා­ණ­යක් මෙම සතිය තුළ ගෙවා අව­සන් කිරී­මට ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව සැල­සුම් කර ඇතැ­යිද ඒ මහතා අව­ධා­ර­ණය කළේය. මෙම ආපදා තත්ත්ව­යෙන් පසු නැවත වගා කළ හැකි භූමි ප්‍රමා­ණය හෙක්ට­යාර් 95,000ක් බව හඳු­නා­ගෙන ඇත. ප්‍රති­ශ­ත­යක් ලෙස එය 90%කි. නොවැ­ම්බර් 28 දින වන­විට වගා නොකළ භූමි ප්‍රමා­ණය හෙක්ට­යාර් 249,486කි. වගා නොකළ වප­ස­රි­යෙන් හෙක්ට­යාර් 2039කට හානි වී ඇති බවට දැනට තොර­තුරු ලැබී තිබේ.

මෙතෙක් වගා හානි දීම­නාව සඳහා අය­දුම් නොකළ ගොවීන් වේ නම් අදාළ අය­දු­ම්පත ප්‍රදේ­ශයේ කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර වෙතින් ලබා­ගෙන එය ප්‍ර‍ෙද්ශයේ ගොවි සංවි­ධා­න­වල ලේකම්/සභා­පති, ආර්ථික සංව­ර්ධන නිල­ධාරි හෝ සමෘද්ධි නිල­ධාරි සහ කෘෂි­කර්ම උප­දේ­ශ­කගේ අත්ස­නින් යුතුව කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර වෙත කඩි­න­මින් ලබා­දෙන ලෙසද ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඉල්ලී­මක් කළේය.

බුද්ධිකා ඉඹු­ලාන