2025 දෙසැම්බර් මාසයට අදාළව අවුරුදු 70 ට ඉහළ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකුගත කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව, දෙසැම්බර් 18 වන දින සිට අදාළ ප්‍රතිලාභීන්ට අස්වැසුම බැංකු ගිණුමෙන් එම වැඩිහිටි දීමනාව ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
මේ යටතේ, රුපියල් 3,081,730,000 ක (තුන් බිලියන අසූ එක් මිලියන හත්සිය තිස් දහසක්) මුදලක් ප්‍රතිලාභීන් 616,346 (හය ලක්ෂ දහසය දහස් තුන්සිය හතළිස් හයක්) අතර බෙදා හැරීමට නියමිතයි.








