ඔලි­ම්පික් කමි­ටුවේ නීති­වි­රෝධි ගම­නට පාපන්දු සභා­පති රතු එළි දල්වයි

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ නිල කාලය ලබන 27 වැනිදා අව­සන් වන බවත්, නිල­ව­ර­ණ­යක් පවත්වා නව නිල­ධාරි මණ්ඩ­ල­යක් පත්කර ගැනීමේ ක්‍රියා­ව­ලිය සභා­පති සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා හා විධා­යක සභාව පැහැර හැර ඇති බවත්, එය ඔලි­ම්පික් කමිටු ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කිරී­මක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­පති ජස්වර් උමර් මහතා පැව­සීය.

නිල­ව­ර­ණ­යක් නොප­වත්වා බල­හ­ත්කාරී ලෙස තව­දු­ර­ටත් ඔලි­ම්පික් කමිටු සභා­ප­ති­ව­රයා හා විධා­යක සභාව කට­යුතු කළ‍හොත් ඔවුන් නීතිය හමු­වට රැගෙන යන බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­ප­ති­ව­රයා අන­තුරු ඇඟ­වීම් කළේය. නිල කාලය අව­සන් වූ පසු ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ සියලු තන­තුරු අහෝසි වී යන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

“අපි කියන්නේ මේ ප්‍රශ්නය සාම­කා­මීව විසඳා ගමු කිය­ලයි. ක්‍රීඩාව නඟා සිටු­වන්න කියා ඇවිත් නීති­වි­රෝධි වැඩ කරන්න දෙන්න බෑ. තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන්නේ මහ සභා­වට. අපි කියන්නේ මහ සභාව කැඳ­වලා ඊළඟ පිය­වර කියන්න. එවිට අපේ සහ­යෝ­ගය දෙන්න පුළු­වන්. දුර දිග යන්නේ නැතිව මේ වැරැද්ද නිවැ­රදි කර ගන්න පුළු­වන්. සභා­පති පම­ණක් නොවෙයි විධා­යක කමිටු නිල­ධා­රීන් ද වග­කීම ඉටු නොකි­රීම පිළි­බඳ ඉදි­රි­යේදී නීතිය හමු­වට ගෙන එනවා” ජස්වර් උමර් මහතා පැව­සීය.

“ඔලි­ම්පික් කමි­ටුවේ විග­ණ­නය අව­සන් වන­තුරු නිල­ව­ර­ණ­යක් නෑ කියා සභා­පති කිය­නවා. අපි අහන්නේ විග­ණ­නය අව­සන් වන්න වසර ගණ­නා­වක් ගියොත් ඒ වන තුරු දැනට සිටින සභා­පති හා විධා­යක කමි­ටුව සිටිය යුතුද? කියන ප්‍රශ්න­යයි. නිල­ව­ර­ණ­ය­කින් හා මහා සභාවේ අනු­මැ­ති­ය­කින් තොරව ලේක­ම්ව­ර­යෙක් පත්කර ගෙන තිබෙ­නවා. භාණ්ඩා­ගා­රික, උප භාණ්ඩා­ගා­රික, උප සභා­පති හා විධා­යක කමිටු සාමා­ජි­ක­යෙක් සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහතා හිතු­ම­නා­ප­යට පත්කර ගෙන තිබෙ­නවා. මේවා වැරදි වැඩ. මහා සභාවේ අනු­මැ­ති­ය­කින් තොරව සභා­ප­තිට ඕනෑ අය විධා­යක සභා­වට පත් කරන්න බෑ” ජස්වර් උමර් මහතා පැව­සීය.

ජාතික ඔලි­ම්පික් කමි­ටුවේ සාමා­ජික සංගම් 31ක් ඇති බවත් භාණ්ඩා­ගා­රික කෙනෙක් නොසිටි අව­ස්ථා­වක භාණ්ඩා­ගා­රික තන­තු­රට අයෙක් පත් කිරීමේ අයි­තිය මහා සභා­වට හිමි­විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඔලි­ම්පික් කමි­ටුවේ සාමා­ජි­ක­යන් සතු මුදල් පරි­ස්සම් කර­ගෙන ගනු­දෙනු කරන ලෙස මා ඇතුළු සාමා­ජි­ක­යන් පිරි­සක් බැංකු­වට දැනු­ම්දීම පිළි­බඳ අද ඔලි­ම්පික් සභා­ප­ති­ව­ර­යාට ප්‍රශ්න­යක් වී ඇතැයි ඒ මහතා පැව­සීය.

“ඔලි­ම්පික් කමි­ටුවේ රුපි­යල් මිලි­යන 100ක ස්ථාවර තැන්ප­තු­වක් තිබුණා. අද ඒ මුදල තියෙ­න­වාද? නැද්ද? කියා සභා­පති පිළි­තුරු දිය යුතුයි. පසු­ගිය දින­වල නීති උප­දේ­ශ­ක­යන්ට එක්කෝටි තුන් ලක්ෂ­යක් දීලා තියෙ­නවා. වාහන අරන් තියෙ­නවා. ස්ථාවර තැන්ප­තු­වට වග කියන්නේ කවුද? අය – වැයක් මහ සභා­ව­කින් සම්මත නොකර විය­දම් කරන්නේ කො‍හොමද? මේවාට විධා­යක සභා­වම වග කිව යුතුයි. නිල­ව­ර­ණ­ය­කින් පත් නොවූ පිරි­සක් තියා‍ගෙන කරන ගනු­දෙ­නු­වල විනි­වි­ද­භා­වය හා වග­කීම කුමක්ද? යන ප්‍රශ්නය අපි මතු කර­නවා.

“ඔලි­ම්පික් සභා­ප­ති­ව­ර­යාගේ පෞද්ග­ලික අභි­ම­තය පරිදි විධා­යක සභා­වෙන් කෙනෙක් භාණ්ඩා­ගා­රික ලෙස පත්කර ගත්තා. ඒක නීති­වි­රෝධි වැඩක්. එවැනි අව­ස්ථා­වක වග­කිව යුතු සංගම් ලෙස අපට කරන්න තිබුණේ ක්‍රීඩා ඇමැ­ති­තු­මාට දැනුම් දෙන එක. ක්‍රීඩා පනත අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල්ට ලිපි­යක් යැව්වා. ඔලි­ම්පික් කමිටු‍වේ ගිණුම් කට­යුතු කරන රජයේ බැංකු­වට දැනුම් දුන්නා. මුදල් ගනු­දෙ­නු­ව­ලදී අත්සන වෙනස් නම් ප්‍රවේ­ශම් වන ලෙස අපි කිවුවා. මේ මුදල් අව­භා­විතා විය හැකි බව අපි දැනුම් දුන්නා. එවිට බැංකුව ගිණුම තාව­කා­ලි­කව අත්හි­ටෙව්වා. විධා­යක කමි­ටු­වට හෝ සභා­ප­තිට දැනුම් නොදී බැංකුව දැනු­ම්වත් කළේ කොහො­මද කියා දැන් අපෙන් අහ­නවා. ඉදි­රි­යේදී පාපන්දු සම්මේ­ල­නය හැටි­යට මට තන­තුරු අහිමි වන බව දැනුම් දී තිබෙ­නවා.

“අපට නීති මඟින් කට­යුතු කරන බවට දැනු­ම්දුන් ලිපි­යත් සැක සහි­තයි. මේ ලිපිය සුබ්‍ර­ම­නි­යම් මහ­තාගේ තර­හ­කා­ර­යෙක් එව්වාද කියා සැකයි. මොකද මේ ලිපියේ අත්සන තීන්ත යොදා නිල මුද්‍රා­ව­කින් කර තිබෙන්නේ. ඔහු ලිපිය ලියන දිනයේ ඩුබා­යි­වල රෝහ­ලක ප්‍රති­කාර ගනි­මින් හිටියේ. චෝදනා ලිපියේ සඳ­හන් කරු­ණක් වන්නේ පාපන්දු සම්මේ­ල­නයේ ලිපි ශීර්ෂ­යක් මඟින් ලිපිය යොමු නොකි­රීම. මම පෞද්ග­ලි­කව ලිපි­යක් යොමු කළා කියපු ඔලි­ම්පික් සභා­ප­ති­ව­රයා මට චෝදනා එවන්නේ පාපන්දු සභා­පති කියන නම­ටයි. අපේ නීතිඥ මණ්ඩ­ලය මඟින් මේකට පිළි­තුරු යව­නවා” ජස්වර් උමර් මහතා පැව­සීය.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියා­ත්මක කිසිදු ක්‍රීඩා සංග­ම­ය­කට එරෙ­හිව පිය­ව­රක් ගැනී­මට නීත්‍ය­නු­කූල පිය­ව­රක් ගැනී­මට සුරේෂ් සුබ්‍ර­ම­නි­යම් මහ­තාට ව්‍යවස්ථා බල­යක් නොමැති බව පාපන්දු සභා­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. “චන්දන ලිය­නගේ මහ­තාව අසා­ධා­රණ ලෙස කිසිම පරී­ක්ෂ­ණ­යක් නැතිව තහ­නම් කළා. ඒ වගේ කිහිප දෙන­කුට තහ­නම් කරලා ඉදි­රියේ තන­තුරු දැරීම අහෝසි කරන්න යනවා. මේක ජාත්‍ය­න්තර තහ­න­මක් වෙත ඔලි­ම්පික් කමි­ටුව යොමු කිරීමේ කුම­න්ත්‍ර­ණ­යක් ද කියා සැක සහි­තයි” උමර් මහතා සඳ­හන් කළේය.

ප්‍රින්ස් ගුණ‍සේ­කර