වී අලෙවි මණ්ඩලය මිලදී ගත් වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට අනුමැතිය

වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී තොග සහල් කර වෙළෙඳපොළට මුදා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

2025 අයවැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 6,000 ක අරමුදල් භාවිත කරමින්, වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය යල කන්නයේදී වී තොග මිලට ගෙන ගබඩා කරනු ලැබුවා.

එම වී තොග, 2025 වසර සඳහා වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති වී මෝල් හිමියන් මඟින් සහල් කර, ලක් සතොස සහ සමුපකාර ජාලය හරහා වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images news images