පහළ මල්වතුඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේදී තාවකාලිකව නවතා දැමුණු මෙම ව්‍යාපෘතිය මේ වන විට නැවත ආරම්භ කර ඇති බවයි කැබිනට් තීරණයේ සඳහන් වන්නේ.
මෙම පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුව රුපියල් බිලියන 47.18ක් ලෙස සංශෝධනය කර දේශීය අරමුදල් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘති කාලසීමාව 2030 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.









