විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් මෙරටට සිදුකරන ප්‍රේෂණවල කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වන විට රුපියල් කෝටි 215,910 (අමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1) ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
පසුගිය 2024 වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 6, 575.4ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර මේ වසරේ නොවැම්බර් මාසයේ අවසානය වනවිට විදෙස් ප්‍රේෂණ වටිනාකම කැපීපෙනෙන ලෙස වර්ධනය වෙමින් අමෙරිකානු ඩොලර් මිලියන 7, 197.1ක අගයක් වාර්තා කර තිබෙන බව ද එම බැංකුව සඳහන් කරයි.
ඒ අනුව මේ වසරේ අවසානය වනවිට මෙරට ඉතිහාසයේ වැඩිම විදෙස් ප්‍රේෂණ වටිනාකම වාර්තා කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළකරයි.
මේ වසරේ නොවැම්බර් මාසයේ 30දා තෙක් අමෙරිකානු ඩොලර් මිලියන 7, 197 ක ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර නොවැම්බර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 673.4 ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ද එය පසුගිය 2024 වසර හා සැසඳීමේ දී කැපීපෙනෙන වර්ධනයක් බව ද මහ බංකුව කියාසිටී.
පසුගිය 2024 වසරේ නොවැම්බර් මස 30 දා තෙක් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5, 960ක පමණ ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර තිබෙන අතර ඒ අනුව 2025 වසරේ දී ප්‍රේෂණ ලැබීම් සියයට 20.1 කින් ඉහළ ගොස් තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වාදෙයි.
මහින්ද අලුත්ගෙදර








