බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව හා උතුරු මැද යන පළාත් 6 ක පාසල් සම්පූර්ණයෙන්ම හෙට දිනයේ විවෘත වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව පවසනවා.
කෙසේ නමුත් ඌව, වයඹ, මධ්‍යම යන පාළාත් 3 කට අයත් පාසල් 640 ක් හෙට දිනයේ විවෘත කිරීමට නොහැකි බවට දැනුම් දී ඇති බවයි අද (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.
එම ප්‍රදේශවල පවතින ප්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීමෙන් අනතුරුව එම පාසල් කඩිනමින් ආරම්භ කරන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව වැඩිදුරටත් ප්‍රකාශ කළා.








