මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එස්. නුරලිස්වරන්ගේ මෙහෙයවීම යටතේ මඩකලපුව ප්‍රදේශයේ අවන්හල් 20 ක් වැටලීමට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ අවන්හලක් දින 14 කට මුද්‍රා තැබීමට කටයුතු කර ඇති අතර, තවත් අවන්හල් 12 කට එරෙහිව නඩු පැවරීමට ද කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








