නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ වන විට භූමියේ පවතින තත්ත්වය සහ ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් මින් පෙර නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවාත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් පෙර නිකුත් කර තිබූ රතු නිවේදන ඉවත් කර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක අවධානයෙන් සිටින ලෙස අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, පූජාපිටිය, උඩපළාත, කුන්ඩසාලේ, ගඟවට කෝරළය, දෙල්තොට, මැදදුම්බර, මිනිපේ, පන්විල, දොළුව, යටිනුවර, හාරිස්පත්තුව, අකුරණ, පාතදුම්බර, තුම්පනේ, පස්බාගේ කොරළය, උඩනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟරක්කෙත, වලපනේ, මතුරට, නිල්දන්ඩාහේන, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, බදුල්ල, හාලිඇළ, මීගහකිවුල, හල්දුම්මුල්ල, කන්දෙකැටිය, පස්සර, සොරණාතොට, ඇල්ල, වැලිමඩ, ලුණුගල, බදුල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, පොල්ගහවෙල, මාවතගම, අලව්ව, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙළ, රත්තොට, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ කොත්මලේ, අඹගමුව කෝරළය, නෝර්වුඩ් සහ තලවකැලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ.