උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම් දීමක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පවසනවා.

ඒ අනුව, බස්නාහිර පළාත තුළ 2,500 කට අධික අතිරේක පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.