ආප­දා­වෙන් වැන­සුණු උප්පැන්න විවාහ සහ­තික යළි දීම අර­ඹයි

පසු­ගිය දින­වල ඇති වූ නාය­යෑම් සහ ගංව­තුර තත්ත්වය නිසා ආප­දා­වට ලක් වූ පුද්ග­ල­යන් ලක්ෂ 10කට වැඩි පිරි­ස­කගේ උප්පැන්න සහ විවාහ ලියා­ප­දිංචි සහ­තික විනා­ශ­යට ලක්ව ඇතැයි රෙජි­ස්ට්‍රාර් ජන­රාල් ශෂී දේවී ජල­දී­පන් මහ­ත්මිය පැව­සු­වාය. මෙම පිරි­සට ලබන ජන­වාරි මාස­යට පෙර උප්පැන්න හා විවාහ ලියා­පංචි කිරීමේ සහ­තික නිකුත් කිරී­මට රජය අපේක්ෂා කරන අතර නැවත උප්පැන්න සහ විවාහ ලියා­ප­දිංචි සහ­තික ලබා­දීම සඳහා ජංගම සේවා වැඩ­ස­ට­හන් දැන­ට­මත් ආරම්භ කර තිබේ.

මර­ණ­යට පත් වූ පුද්ග­ල­යන් වෙනු­වෙන්, මරණ සහ­තික නිකුත් කිරීම, අතු­රු­දන් වූ පුද්ග­ල­යන් වෙනු­වෙන්, මරණ සහ­තික නිකුත් කිරීම සඳහා අදාළ අය­දු­ම්පත් භාර ගැනීම සහ හානි­යට පත්වූ විවාහ/ උප්පැන්න/ මරණ සහ­තික පිට­පත් ලබා­දීම මෙම ජංගම සේවාව මඟින් සිදු කිරී­මට නිය­මි­තය. පසු­ගි­යදා ඇතිවූ මෙම ව්‍යසන තත්ත්ව­යට මුහුණ දුන් පුද්ග­ල­යන් ලක්ෂ 22කට ආසන්න පිරි­ස­ක­ගෙන් අවම වශ­යෙන් මිලි­ය­න­යට වැඩි පිරි­ස­කගේ උප්පැන්න හා විවාහ සහ­තික විනාශ වී ගොස් ඇති බවට අනු­මාන කෙරෙන අතර ආප­දා­වට ලක් වූ දිස්ත්‍රික්ක 22ක පුද්ග­ල­යන්ට එක්දින කඩි­නම් සේවාව යටතේ නොමිලේ මෙම ලියා­ප­දිංචි සහ­තික නිකුත් කිරීම දැන­ට­මත් ආරම්භ කර ඇතැයි රෙජි­ස්ටර් ජන­රා­ල්ව­රිය සඳ­හන් කළාය. මෙම උප්පැන්න හා විවාහ ලියා­ප­දිංචි කිරීමේ සහ­තික නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රති­පා­දන අත්‍ය­වශ්‍ය සේවා කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා විසින් ලබා දෙන අතර ඇතැම් අව­ස්ථා­වල දී රාජ්‍ය නොවන සංවි­ධා­න­යන්හි සහ­යෝ­ගය ලබා ගැනී­මට නිය­මි­තය.

මේ වන විට මුල­තිව් සහ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යන්හි මෙම ජංගම සේවා වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර ඇති අතර මේ වන විට උප්පැන්න හා විවාහ ලියා­ප­දිංචි සහ­තික නොමැති පුද්ග­ල­යන්ගේ දත්ත­යන් හා තොර­තුරු රැස්කි­රීම දිස්ත්‍රික් නියෝජ්‍ය රේජි­ස්ට්‍රා­ර්ව­රුන් හරහා සිදු කර­මින් පව­තියි.

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ