දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගෙන ඇති අතර එහි මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වා දී, සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවයි සඳහන් වෙන්නේ.
මෙම පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්තනය කර යොදා ගැනීම e-Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරන අතර එමගින් ජාතික අධිකරණ දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
මෙම e-Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.
අදාළ කැබිනට් තීරණය පහතින්.









