පුරාවස්තු සොයා කැණීම් කළ 06 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

පුදුකුඩිඉරිප්පු, දේවී පුරම් ප්‍රදේශයේ දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉඩමක කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් හා සැකකාරියන් දෙදෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 – 48 අතර වයස්වල පසුවන, අනුරාධපුර, ඉනාමළුව, මොරගොඩ හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරියන් අවුරුදු 36 හා 45 වයස්වල පසුවන මඩාටුගම හා දේවී පුරම් ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.