පාසල් ආර­ම්භය ගැන තීරණ ගන්න පළාත්-දිස්ත්‍රික් බල­ධා­රීන්ට බලය දුන්නා

දිව­යිනේ සිය­ලුම පාසල් හෙට (16) ආරම්භ කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කර ඇතත් පැවැති ආපදා තත්ත්ව­යත් සමඟ පාසල් පැවැ­ත්වීම සම්බ­න්ධව තීන්දු තීරණ ගැනී­මට අදාළ පළාත්, දිස්ත්‍රික් බල­ධා­රීන්ට බලය ලබාදී ඇති බව අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පැව­සු­වාය.

පසු­ගි­යදා ඇතිවූ ආපදා තත්ත්ව­යත් සමඟ නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ පාසල් නැවත ආරම්භ කිරීම සහ අධ්‍යා­පන ක්ෂේත්‍රයේ මතුවී ඇති ගැටලු සම්බ­න්ධ­යෙන් පරි­වේ­ණා­ධි­පති ස්වාමී­න්ව­හ­න්සේලා, කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රුන් හා විදු­හ­ල්ප­ත්ව­රුන් දැනු­ම්වත් කිරීම සඳහා නුව­ර­එ­ළිය සිනෙ­සිටා ශාලාවේ දී පසු­ගි­යදා (13) පැවැ­ත්විණි.

අව­දා­නම් ප්‍රදේ­ශ­වල පිහිටා ඇති පාස­ල්ව­ලට ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂ­ණා­ය­ත­නයේ වාර්තා ලබා ගැනී­මට අනි­වාර්ය බවත්, ප්‍රවේශ මාර්ග හා යටි­තල පහ­සු­කම් සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­නය යොමු කළ යුතු අතර, පාසල් යාම දරු­වන්ට බරක් නොවි­ය­යුතු බවත්, ගුරු භව­තුන්ට හා දරු­වන්ට පහසු ඇඳු­මක් පැල­ඳීමේ අව­ස්ථාව ඇති බවත් අග­මැ­ති­තු­මිය අව­ධා­ර­ණය කළාය.

වාර විභාග, විෂය නිර්දේ­ශ­ව­ලින් ඔබ්බට දරු­වන්ගේ මනස සුව­පත් කිරී­මට උත්සාහ කරන ලෙසත්, ආප­දා­ව­ලින් අග­ති­යට පත් ළම­යින් එයින් මුදා ගැනී­මට නම්‍ය­ශී­ලිව අවශ්‍ය කට­යුතු යොදන ලෙසත් මෙහි දී අග්‍රා­මා­ත්‍ය­තු­මිය අවශ්‍ය අප­දෙස් ලබා දුන්නාය.

කුමන බාධක පැමි­ණි­යත් නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කිරීම සිදු­ක­රන බව හා මේ වන විට ගුරු­ව­රුන් පුහුණු කිරීමේ කට­යුතු 51%ක් අව­සන් බවත් හරිණි අම­ර­සූ­රිය අග­මැ­ති­තු­මිය පැව­සු­වාය.

මෙම ස්වාභා­වික ව්‍යස­න­යෙන් පසුව රට පැවැති තත්ත්ව­යට නොව එයට වඩා ඉදි­රි­යට ගෙන යාමට සිය­ලු­දෙනා කැප­වී­මෙන් වැඩ කළ­යුතු බව ද ඇය වැඩි­දු­ර­ටත් පෙන්වා දුන්නාය.

මෙම විශේෂ සාක­ඡාව සඳහා නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී හා සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති මංජුල සුර­වී­ර­ආ­රච්චි, නුව­ර­එ­ළිය දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන අනුෂ්කා දර්ශනී තිල­ක­රත්න, ක්‍රිෂ්ණන් කලෙ­යි­චෙල්වි, නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්න­කෝන්, මධ්‍යම පළාත් අධ්‍යා­පන ලේකම් මධු­පානි පිය­සේන යන මහත්ම මහ­ත්මීන් හා මහ­ජන නියෝ­ජි­ත­යින් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීහු විශාල පිරි­සක් සහ­භාගි වූහ.

මස්කෙ­ළිය සමූහ ගාමිණි බණ්ඩාර ඉලං­ග­න්ති­ලක