දෙසැම්බර් මාසය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර ප්‍රවේශ පත්‍රය (සීසන්) මිල දී ගැනීමට නොහැකි වූ පාසල් සිසුන්ට සහනයක් ලබාදීමට තීරණය කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
ඒ අනුව, එම පාසල් සිසුන් සඳහා බාධාවකින් තොරව නොවැම්බර් මාසය සඳහා භාවිතා කළ වාර ප්‍රවේශ පත්‍රය භාවිතා කර බස් රථවල ගමන් කළ හැකි බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.









