රාජ්‍ය නිලධාරීන්ට උත්සව සමය වෙනුවෙන් රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් දීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
රුපියල් 4000කට නොවැඩි මේ අත්තිකාරම් ගෙවීම ජනවාරි මස පළමු වැනි දිනෙන් ආරම්භ කර පෙබරවාරි මස 28 වැනිදායින් අවසන් කළ යුතු වේ.
8%ක වාර්ෂික පොලියක් සහිතව සමාන කොටස් දහයකින් මේ අත්තිකාරම් මුදල අය කර ගත යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙයි.
නෙරංජලා වික්‍රමසිංහ








