දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට ඇතිවූ ආපදා තත්ත්වයන්ට සහන සේවා වෛද්‍ය ආධාර ලබාදීම සඳහා ඉන්දීය හමුදාවේ 60 පැරෂුට් ක්ෂේත්‍ර රෝහල විසින් සපයන ලද මානුෂීය සත්කාර සේවය අඟයමින් මෙරටට පැමිණි ඉන්දීය සහන සේවා වෛද්‍ය කණ්ඩායම ඇඟයීමට ලක්කිරීමේ වැඩසටහනක් ඊයේ (14) පනාගොඩ, යුද්ධ හමුදා ජනපදයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් කපිල දොලගේ විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ඔවුන්ගේ එම ආදර්ශමත් සේවය ඇඟයීමට ලක්කරමින් නිකුත් කරන ලද ඇඟයීමේ ලිපි ප්‍රදානය කෙරිණි.
ලුතිනන් කර්නල් ජග්නීත් ගිල්ගේ නායකත්වයෙන් යුත් 85 දෙනෙකුගෙන් සමන්විත එම ඉන්දීය වෛද්‍ය කණ්ඩායම විසින් 2025 දෙසැම්බර් මස 02 දින සිට 12 දින දක්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ඌව පළාතේ මහියංගනය ප්‍රදේශයේ 7,000 කට අධික ජනතාව වෙනුවෙන් වෛද්‍ය, ශල්‍යකර්ම සහ දන්ත ප්‍රතිකාර සේවාවන් ලබා දෙන ලදී.








