ආපදා තත්ත්වය හමුවේ වුවද මෙරට සංචාරක පැමිණීම්වල වර්ධනයක් පෙන්නුම් කරනවා.
දෙසැම්බර් මාසයේ මේ දක්වා සංචාරකයින් 50,000කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ගණන මිලියන 2.15ක්.
එවැනි පසුබිමක සංචාරකයින් රැගත් මෝල්ටා ධජය සහිත ලුමිනාරා නමැති අධි සුඛෝපභෝගී මගී නෞකාව ද අද කොළඹ වරායට පැමිණියා.
එමෙන්ම සීගිරිය ඇතුළු ස්ථාන නැරඹීම සඳහා ප්‍රංශ ජාතිකයින් විශාල පිරිසක් ද දඹුල්ල නගරයට පැමිණ තිබුණා.








