ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරන ලද නියෝජිත එරික් මේයර් මහතා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එරට නීති සම්පාදකයින් හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.
එහි දී ඔහු පවසා ඇත්තේ ගෝලීය ප්‍රධාන නැව් මාර්ග ආශ්‍රතව ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම, නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට දරන ප්‍රයත්නයන්හී දී අතිශය වැදගත්වන බවයි.
ශ්‍රී ලංකාව 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් සහ පසුගියදා ඇති වූ විනාශකාරී සුළි කුණාටුවෙන් ගොඩ ඒමට මේවන විට උත්සාහ කරනු ලබයි. එහිදී සමුද්‍රීය ආරක්ෂාව සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා අමෙරිකාව සිය ප්‍රමුඛත්වය දෙන බව එරික් මේයර් මහතා සෙනෙට් විදේශ සබදතා කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ලෝකයේ කාර්යබහුලම නැව් මාර්ග කිහිපයක් අසල පිහිටා ඇති අතර, එක්සත් ජනපද නාවික යාත්‍රා සහ ලෝකයේ මුහුදු බොරතෙල් වලින් තුනෙන් දෙකක් නිතිපතා එහි සමුද්‍රය හරහා ගමන් කරයි,” යනුවෙන් ද මේයර් මහතා පෙන්වා දී ඇත.
එසේම දිට්වා සුළි කුණාටුව හමුවේ එක්සත් ජනපදය ඩොලර් මිලියන 02 ක හදිසි ආධාර ලබා දී ඇති අතර සහන කටයුතු සඳහා සහාය වීම සඳහා එක්සත් ජනපද හමුදාවේ උපායමාර්ගික ගුවන් ප්‍රවාහන හැකියාවන් ලබා දීමට ද පියවර ගත් බවත් ශ්‍රී ලංකාව සමඟ අමෙරිකාවේ ශක්තිමත් සහ කල් පවතින හවුල්කාරිත්වය පිළිබඳවද සිහිපත් කර ඇත.








