පමුණුගම පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පමුණුගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඊයේ (13)දින සවස් කාලයේ පමුණුගම පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 38 ක් වූ තුඩැල්ල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරුගේ හා ඔහුගේ සහෝදරයාගේ පවුල් අතර කලක සිට තිබූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය පමුණුගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 42ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








