ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මිල අඩු ප්‍රවේශ පත්‍ර සහිත ගුවන් සේවාවක්

ලබන වසරේ අගෝස්තු 25 වනදා සිට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මිල අඩු ප්‍රවේශ පත්‍ර සහිත ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සැළසුම්කර තිබෙනවා.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, එමගින් සතියකට ගුවන් ගමන් වාර 03 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් ලක්ෂයකට වඩා අඩු මිලකට අලෙවි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.