දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටු තත්ත්වයේ බලපෑමෙන් මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 14 ක නායයෑම් සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.
ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් 30%කම නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇති බවයි.
මේ අතර ඊසානදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 36 තුළ උතුරු පළාත ඇතුළු පළාත් හයකට තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයිනේ ස්ථාන කිහිපයකම ජලාශවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.
ඒ අනුව කලා වැව වාන් දොරටු දෙක අඩි 2 බැගින් විවෘත කර ඇති අතර, කලා වැවෙන් කලා ඔයට තත්පරේට ඝන අඩි 2,014ක් පමණ ජලධාරිතාවක් මුදා හැරෙනවා.








