පාර්ලිමේන්තුව දෙසැම්බර් 18 වැනිදා යළි කැඳවයි

දෙසැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් ඊයේ (12) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව, දෙසැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව කැඳවන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 news images