ප්‍රධාන ජලාශ 34 ක් වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
දැනට රාජාංගනය, දැදුරුඔය, යාං ඔය හා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුවෙහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු, එල්.එස්. සූරියබණ්ඩාර පවසා සිටියේ.
එසේම, පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් ජලාශ 80 කට පමණ හානිවීම් සිදුව ඇති බවද ඔහු පවසා සිටියා.








