මෙම වසරේ චීනයේ සමස්ත ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 714.9ක් වන බවත් එය පසුගිය වසරට සාපේක්ෂව 1.2%ක වැඩිවීමක් බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.
එමෙන්ම චීනය පුරා ධාන්‍ය වපුරන ලද භූමි ප්‍රමාණය ද මෙම වසරේ දී හෙක්ටයාර මිලියන 119.4ක් වූ අතර එය පසුගිය වසරට වඩා 0.1%ක වර්ධනයක් බව සඳහන්.
මෙම වසරේ ඒකක භූමි ප්‍රදේශයක් සඳහා ලැබෙන ධාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5,987 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසර හා සසඳන විට 1.1% ක වැඩිවීමක් බවයි වාර්තාවන්නේ.








