දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට ලක්වූ කර්මාන්ත පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, ඒ පිළිබඳ තොරතුරු 0712 666 660 යන දුරකථන අංකයට දැනුම්දිය හැකි බවයි සඳහන් වන්නේ.
හානි සිදුවූ ව්‍යාපාර පිළිබඳ තොරතුරු www.industry.gov.lk යන වෙබ් අඩවිය හරහා ද ඇතුලත් කිරීමේ හැකියාව පවතිනවා.
කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානයට මේ වන විට ඇමතුම් 13698 ක් ලැබී ඇති අතර, ඒ අනුව ආපදාවට ලක්වු ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර ගණන 5639 ක්, සුළු පරිමාණ ව්‍යාපාර 4636 ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 2986 ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 437 කට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ලබන 16 වැනිදා පස්වරු 2.00 ට පෙර තොරතුරු ලබාදෙන ලෙසට කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.








