විප­තට පත්වූ­වන්ට සහන සදන සාගර් බන්ධු මෙහෙ­යුම තව­දු­ර­ටත් ක්‍රියා­ත්ම­කයි

සුළි කුණාටු තත්ත්ව­යෙන් ව්‍යසන තත්ත්ව­යට පත් ශ්‍රී ලංකා­වට සහන සැල­සීමේ කට­යුතු සඳහා සාගර් බන්ධු මෙහෙ­යුම තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක කරන බව ඉන්දි­යාව අව­ධා­ර­ණය කරයි.

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු ඉන්දි­යාවේ සාගර් බන්ධු මෙහෙ­යුම ශ්‍රී ලංකාව සමඟ දිග­ටම රැඳී සිටි­මින් ගලවා ගැනීම, අත්‍ය­වශ්‍ය සහන බෙදා හැරීම, භූමියේ වෛද්‍ය ආධාර සහ අත්‍ය­වශ්‍ය සේවා යථා තත්ත්ව­යට පත් කිරීම ඒකා­බද්ධ කර­මින්, ඉන්දි­යාවේ උත්සා­හය වඩාත් බල­පෑ­මට ලක් වූ ප්‍රජාව වෙත ළඟා වෙමින් බල­පෑ­මට ලක් වූ ප්‍රදේ­ශ­ව­ලට සහන ලබා­දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය පව­සයි. නොවැ­ම්බර් 28 වැනි දින සාගර් බන්ධු මෙහෙ­යුම ක්‍රියා­ත්මක කළ දිනයේ සිට ඉන්දි­යාව වියළි සලාක, කූඩා­රම්, ටාපෝ­ලින්, සනී­පා­ර­ක්ෂක කට්ටල, අත්‍ය­වශ්‍ය රෙදි, ජල පිරි­ප­හදු කට්ටල සහ ඖෂධ සහ ශල්‍ය උප­ක­රණ ටොන් 4.5ක් ඇතු­ළුව සහන ද්‍රව්‍ය ටොන් 1058ක් පමණ ශ්‍රී ලංකා­වට ලබාදී තිබෙන බව පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය තවත් ටොන් 60ක උප­ක­රණ ශ්‍රී ලංකා­වට ගෙන එන ලද බවද INS වික්‍රාන්ට් සහ INS උද­ය­ගිරි ශ්‍රී ලංකා­වට ක්ෂණික ගලවා ගැනීමේ සහ සහන ආධාර ලබා­දුන් බවද කියා සිටී.

දෙසැ­ම්බර් 1 වැනි දින INS සුකන්‍යා නෞකාව මෙහෙ­යුම් ආරම්භ කරන ලද අතර තවත් හදිසි සහන ද්‍රව්‍ය­යන් ගෙන එමින් නොවැ­ම්බර් 29 වැනි දින, විශේ­ෂ­ඥ­යන් 80 දෙනෙ­කු­ගෙන් සම­න්විත ජාතික ආපදා ප්‍රති­චාර බළ­කාය සහ විශේ­ෂ­යෙන් පුහු­ණුව ලත් සුන­ඛ­යන් සහිත K9 ඒකක ඉන්දි­යා­වෙන් පැමිණ ක්ෂණික ගලවා ගැනීමේ සහ සහන කට­යුතු සඳහා සහාය වූ බවද සෙවීම් සහ ගලවා ගැනීමේ කට­යුතු අව­සන් කිරී­මෙන් පසු, ඔවුන් 2025 දෙසැ­ම්බර් 5 වැනි දින ඉන්දි­යාව බලා පිටත්ව ගිය බවද කියා සිටී.

මහින්ද අලු­ත්ගෙ­දර