ලංකාවේ ආපදාවට පත් ජනතාවට පාප්තුමාගෙන් සහයෝගීතාවය

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට වතිකානුවේ සහයෝගීතාවය පළ කරන බව XIV වන ලියෝ පාප්තුමා දැනුම් දී ඇති බව, කොළඹ පිහිටි වතිකානු තානාපති කාර්යාලයේ වැඩබලන නිලධාරී අතිපූජ්‍ය මොන්සිග්නෝර් රොබර්ටෝ ලූකීනි (Rev. Monsignor Roberto Lucchini) පියතුමා අද (10) අනාවරණය කළා.

පාප්තුමා විසින් ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සිය ශෝකය පළ කරන ලෙස තමාට දැනුම් දුන් බවත්, මෙම දුෂ්කර මොහොතේදී ශ්‍රී ලංකාවට සිය සහයෝගීතාවය ලබාදීමට පොරොන්දු වූ බවත් ලූකීනි පියතුමා වැඩිදුරටත් සඳහන් කළා.

“මෙම ආපදා තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ප්‍රයත්නවලදී විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලෙසට පාප්තුමා ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටියා” යැයිද ඔහු වැඩිදුරටත් පැවසුවා.