රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර ආණ්ඩුව තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කළොත් පීඩා විඳින්නේ ජන­තා­වයි

ආණ්ඩුව රාජ්‍ය නිල­ධා­රීන් විශ්වාස නොකර තම න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කිරී­මට උත්සාහ කළොත් ජන­තාව දුක් විඳිනු ඇතැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පැව­සීය.

මේ ව්‍යස­න­යේදී මහ­ජ­න­තාව මුහු­ණ­දුන් දුෂ්ක­රතා ඇති­වූයේ රජය සහ රාජ්‍ය ආය­තන අතර නිසි සම්බ­න්ධී­ක­ර­ණ­යක් නොමැ­ති­කම නිසා බව හෙතෙම කීවේය.

පේරා­දෙ­ණියේ ගැටඹේ විහා­ර­ස්ථා­න­යට ගිය අව­ස්ථා­වේදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් රාජ­පක්ෂ මහතා මේ බව කියා සිටි­යේය .අය­හ­පත් කාල­ගු­ණ­යෙන් පීඩා­වට පත් පවු­ල්ව­ලට සහාය වීම සඳහා ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිල­ධා­රීන් උප­රි­ම­යෙන් කට­යුතු කරන නමුත් රාජ්‍ය ආය­තන අතර සන්නි­වේ­ද­නයේ හිඩැස් නිසා ජන­තාව තව­දු­ර­ටත් අප­හ­සු­තා­වට පත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දෙසැ­ම්බර් 16දා පාසල් නැවත විවෘත කිරී­මට සූදා­නම් වන අතර, අව­තැන් වූ පවුල් රාශි­යක් තව­මත් පාසල් ගොඩ­නැ­ඟි­ලි­වල නවා­තැ­න්ගෙන සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් මෙසේ ද පැව­සීය.

“ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ සංවි­ධා­නය (NBRO) අනා­ර­ක්ෂිත නිවාස ඉවත් කරන ලෙස ජන­තා­වට උප­දෙස් දෙන අත­රම අව­තැන් වූ පුද්ග­ල­යන්ට නැවත පාසල් විවෘත කිරීම සඳහා පාස­ල්ව­ලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටි­නවා. මේ තත්ත්වය පර­ස්පර විරෝධී සහ දුර්වල සම්බ­න්ධී­ක­ර­ණ­යක්. පාර්ලි­මේ­න්තුව ඉක්ම­නින් නැවත කැඳ­වී­මෙන් ආණ්ඩු­වට ජන­තාව මුහු­ණ­දෙන ගැටලු වඩා හොඳින් තේරුම් ගැනී­මට සහ ඒවාට ප්‍රති­චාර දැක්වී­මට හැකි වෙනවා. ශක්ති­මත් පරි­පා­ලන ව්‍යුහ­යක් සහ රජයේ නිල­ධා­රීන් කෙරෙහි විශ්වා­ස­යක් අත්‍ය­ව­ශ්‍යයි. ආප­දාව පිළි­බඳ පූර්ව අන­තුරු ඇඟ­වීම් සහ තොර­තුරු ජන­තා­වට සන්නි­වේ­ද­නය කළේ කෙසේද යන්න විම­ර්ශ­නය කිරී­මට තේරීම් කමි­ටු­වක් පත් කළ යුතුයි. රජය බොහෝ පොරොන්දු දී ඇති අතර ඒ පොරොන්දු ඉටු කළ යුතුයි. ජනා­ධි­ප­ති­ව­රයා අවශ්‍ය පිය­වර ගන්නේ­දැයි බලා සිටි­නවා. අවශ්‍ය නම් සම්බ­න්ධී­ක­ර­ණ­යට සහාය වීමට සූදා­නම්.”

නුවන් කොඩි­කාර