රජයේ පාඩුව කෝටි 184

2012 වස­රේදී ග්‍රීසියේ බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රුපි­යල් කෝටි 184ක මුද­ලක් රජ­යට අහිමි කිරීමේ චෝද­නාව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව ගොනු කරන ලද නඩුව නැවත නඩු පැව­රීමේ අයි­ති­යට යටත්ව ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් හෝ දූෂණ කොමි­සම ඊයේ (10) දැනුම් දුන්නේය.

කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් මහතා ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ ඇප මත මුදා­හැර සිටි විත්ති­ක­රු­වන් අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටි­යේය.

රජ­යට අලා­භය වූ රුපි­යල් කෝටි 184ක මුදල දඩ­යක් ලෙස ගෙවී­මට සූදා­නම් නම් 1 වැනි චුදි­තට එරෙ­හිව පව­රන ලද නඩුව ඉල්ලා අස්කර ගැනී­මට සූදා­නම් බව අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රිය දන්වා සිටි­යාය.

එහිදී මහ බැංකුවේ හිටපු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ ඩිලාන් රත්නා­යක මහතා සිය සේවා­දා­ය­කයා එම ඉල්ලී­මට එකඟ නැති බව දන්වන ලදී.

එම කරුණ සැල­කි­ල්ලට ගෙන නැවත නඩු පැව­රීමේ අයි­ති­යට යටත්ව දූෂණ විරෝධි පනතේ 67 වැනි වග­න්තිය යටතේ ඉව­ත්කර ගන්නා බව දන්වා සිටි­යේය.

එමෙන්ම නඩුවේ සෙසු චුදි­ත­යන්ට එරෙහි චෝදනා අප­රාධ නඩු විධි­වි­ධාන සංග්‍ර­හයේ 194 (3) වැනි වග­න්තිය යටතේ ඉල්ලා අස්කර ගන්නා බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ඒ අනුව නඩුවේ 2,3 හා 5 වැනි විත්ති­ක­රු­වන් නිදොස් කොට නිද­හස් කිරී­මට මහා­ධි­ක­රණ විනි­සුරු මොහො­මඩ් මිහාල් මහතා නියෝග කළේය. හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට අම­ත­රව නියෝජ්‍ය අධි­ප­ති­වරු වන කේ.ඩී. ධර්ම­සේන ධීර­සිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා සහ සහ­කාර අධි­ප­ති­ව­රුන් වන චන්ද්‍ර­සිරි ජය­සිංහ පණ්ඩිත සිරි­ව­ර්ධන, එච්.ඒ. කරු­ණා­රත්න යන මහ­ත්වරු සෙසු වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස නම්කර ඇත. නඩුවේ 4 වැනි වග­උ­ත්ත­ර­කරු වන චන්ද්‍ර­සිරි ජය­සිංහ පණ්ඩිත සිරි­ව­ර්ධන මහතා මේ වන විට මිය ගොස් තිබේ.

ග්‍රීක බැඳු­ම්කර සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම මෙයට පෙර අව­ස්ථා­ව­කදී ද විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ නඩු පැව­රී­මක් කර තිබිණි.

එම අධි­චෝ­දනා පත්‍රය අත්සන් කරන අව­ස්ථාවේ අල්ලස් කොමි­ස­මට අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යකු පත්කර නොති­බිණි. නිසි පරිදි චෝදනා පත්‍ර­යක් ප්‍රති­ෂ්ඨා­ප­න­යව නොමැති බවට විත්තිය ඉදි­රි­පත් කළ මූලික විරෝ­ධ­තාව පිළි­ගත් අධි­ක­ර­ණය එහිදී චුදි­තයෝ නිද­හස් කළහ.

නඩුවේ 3 වැනි හා 5 වැනි විත්ති­ක­රු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ නලින් ලද්දු­ව­හෙට්ටි මහතා සමඟ නීතිඥ ශාලික ගුණ­ව­ර්ධන මහතා කරුණු දැක්වීය.

චන්දන ජය­වීර