මරණ තර්ජන ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වන ලෙස ගෝඨාභයට නියෝග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජීවිත තර්ජන තිබේ නම් ඊට අදාල කරුණු දිවුරුම් ප්‍රකාශයක් මඟින් 2026 පෙබරවාරි මස 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් අද(10) දින නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමට අදාල නඩුව අද දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එහිදී ගෝඨාභය රාජපක්ෂ ජීවිත තර්ජන ඇති බව පවසමින් අධිකරණයට පැමිණ නොසිටි අතර ඒ බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එවැනි ජීවිත තර්ජනයක් තිබේ නම් ඊට අදාල කරුණු 2026 පෙබරවාරි 06 වැනිදා දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නඩු විභාගය වෙනුවෙන් යාපනය අධිකරණයට පැමිණ සිටියා.