පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්

හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසා දමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙර පාසල් එළඹෙන 16 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.