27 වැනි වරටත් පවත්වන ජනාධිපති අපනයන සම්මාන (PEA) උලෙළ අද (11) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වෙන මෙම උලෙළේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලැබේ. අපනයන ආදායම, වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, පාරිසරික තිරසරභාවය සහ අගය එකතු කිරීම වැනි නිර්ණායක මත පදනම්ව සම්මානලාභීන් තෝරා ගෙන ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගනු ලැබිණි. Ernst & Young ආයතනය මෙම සම්මාන උලෙළ සඳහා දැනුම් සහකරු ලෙස කටයුතු කරයි.
මහජන බැංකුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස අත්වැල් බැඳගෙන ඇත. ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව (SLECIC) රිදී අනුග්රාහකයන් ලෙස කටයුතු කරයි. කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ අපනයනකරුවන් ඇතුළු ආරාධිතයන් 1,500ක් පමණ ජනාධිපති අපනයන සම්මාන උලෙළට සහභාගි වීමට අපේක්ෂා කෙරේ.
නෙරංජලා වික්‍රමසිංහ








